Tuesday 30 May 2023

නිවස හැඩකරන බෝගන්විලා ..

කඩදාසි මල් ලෙස හැදින්වෙන බෝගන්විලා ශාකය සොබාදහමේ අපූර්වතම චමත්කාරජනක නිර්මාණයකි.එක පොකුරට පිපෙන බෝගන්විලා හැඩයෙන් පැහැයෙන් මෙන්ම සුන්දරත්වයෙන් ද ගෙවත්තට එක් කරනුයේ මනස්කාන්ත පරිසරයකි. උද්‍යාන අලංකරනයේදී බෝගන්විලා සිටුවා ගන්න බොහෝ දෙනෙකු උනන්දු වන අතර සෙවණ සහිත ස්ථානවල මෙම ශාකය සිටුවා මල් ලබාගැනීමටබොහෝදෙනා උනන්දුවෙති.

ඉතා සුන්දර සුන්දරත්වයෙන් යුතු බෝගන්විලා ශාකය විවිධ වර්ණයන්ගෙන් යුක්ත වේ.ඒ අතර වර්තමානයේ දී ද්වි වර්ණවලින් යුත් බෝගන්විලා වඩාත් ජනප්‍රිය වී ඇත.එහි ඇති සුන්දරත්වය, සිත් ආකර්ෂණය කරන පැහැයත්,කුඩා ශාකයක් වීම නිසාත් බෝගන්විලා ශාකය සිටුවා ගැනීමට බොහෝදෙනා උනන්දුවෙති.

නික්ටජිනේසියේ ශාක කුලයට අයත් බෝගන්විලා ශාකයේ ජන්මභූමිය බ්‍රසීලයේ හා මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්ය.බෝගන්විලා ශාකය වර්ධනය සඳහා යෝග්‍ය පරිසර උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 33 සහ ඊට ඉහළ උෂ්ණත්වයන් ය.


පැළ බෝ කරගැනීම

මෙම ශාකයේ පැල බෝකර ගැනීම සඳහා අතු කැබලි යොදා ගත හැකි අතර ගැට තුනක් වූ හතරක් සහිත මීටර් හයක් හතක් පමණ දිග අතු කැබලි වල පහළ කොළ ඉවත් කර මුල්වල වර්ධක හෝමෝනයක් ආලේප කර ගැනීමේන් සාර්ථකව මුල් අද්දවා ගත හැකිය.සෙක්ටෝ,සෙරඩික්ස්,රූටෝන් යන නම් වලින් මෙම හෝමෝන පවතින අතර මේවා වෙළෙඳපොළින් ලබාගත හැකිය.බෝගන්විලා ශාකයේ අතු කැබලි ප්‍රචාරණ මාධ්‍යයක් තුළ තබා මුල් අද්දවා ගැනීම සිදු කළ හැකිය.ඒ ආකාරයෙන් පිළියෙල කරගත් අතු කැබලි 2:1 අනුපාතයට මිශ්‍ර කරගත් කොම්පෝස්ට් හා වැලි මිශ්‍රණය සහිත තවානක සිටුවා එය පොලිතීන්වලින් ආවරණය කර ප්‍රචාරණ ගෘහයක් ලෙසට සකස් කරගත යුතුය.මෙම ස්ථානයට කෙලින්ම හිරු එළිය නොවැටෙන සේ තබා ගැනීම අවශ්‍ය වන අතර දින දෙක දෙක තුනකට වරක් ප්‍රචාරණ ගෘහය තුළට වාතාශ්‍රය ලැබීමට ඉඩ සැලසීමෙන් මුල් ඇදීම වඩාත් වේගවත් වේ.

සුදුසු මාධ්‍ය හා පොහොර යෙදීම

බෝගන්විලා ශාකයට සුදුසු මාධ්‍ය තෝරා ගැනීමේ දී වඩාත්  සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා මතුපිට පස් කොටස් 3යි කොළ පොහොර කොටස් 2යි දිරණ ලද ගොම කොටස් 1යි ගොරෝසු වැලි කොටස් 1/2 යි, උළු කැට කැබලි 1/4 ලෙස ගෙන ඒවා මිශ්‍ර කර බඳුන්වලට පුරවා මුල් අද්දවා ගත් අතු කැබැලි සිටුවා ගත හැකිය.බෝගන්විලා ශාකය පොහොර වලට හොඳ ප්‍රතිචාරයක් දක්වන අතර සකස් කළ පොහොර මිශ්‍රණ වෙළඳපොලේ මිලදී ගැනීමට ඇත.මසකට වරක් ගොම පොහොර වලට යූරියා ස්වල්පයක් කලවම් කර යෙදීමෙන් පැළයේ වර්ධනය ඒකාකාරීව පවත්වා ගැනීමට හැකිය.එසේම පොටෑසියම් වැඩි මිශ්‍රණය සති දෙකකට වරක් යෙදීමෙන්ද හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

කප්පාදු කිරීම

බෝගන්විලා ශාකයේ මල් හට ගැනීම යම් කාලයකට සිදුවන අතර වර්ෂා කාලයේ දී විශේෂයෙන්ම බෝගන්විලා ශාකය මල් හට ගැනීම සිදු නොවේ.එවැනි කාලවල දී බෝගන්විලා ශාකයේ කොළ හැලීයාම සිදු වන අතර එවැනි අවස්ථාවල බෝගන්විලා ශාකය කප්පාදු කළ යුතුය.බෝගන්විලා ශාකය කප්පාදු කිරීමේදී ශාකයෙන් භාගයක් පමණ ඉතිරි කර අනෙක් අතු කපා ඉවත් කළ යුතුය.එමෙන්ම සිටුවා ඇති බඳුන තුළ පිටට නොපෙනෙන ආකාරයට මුල් විහිදී තිබේ නම් ශාකය ගලවා වෙනත් බඳුනකට මාරු කළ යුතුය.

බෝගන්විලා ශාකයට වැලදෙන රෝග

  • පසු මැරීම
  •  සුදු පුස් රෝගය
  •  පිටි මකුණා

20 comments:

නිවස හැඩකරන බෝගන්විලා ..

කඩදාසි මල් ලෙස හැදින්වෙන බෝගන්විලා ශාකය සොබාදහමේ අපූර්වතම චමත්කාරජනක නිර්මාණයකි.එක පොකුරට පිපෙන බෝගන්විලා හැඩයෙන් පැහැයෙන් මෙන්ම සුන්දරත්වයෙ...