Tuesday 30 May 2023

විසිතුරු ඕකිඩ් වගාව

 දේශීය වෙළෙඳපොළ තුළ කැපුම් මල් වගාවක් ලෙස ඉහළ ඉල්ලුමක් ඇති ඕකිඩ් මල් වගාව මල් ලෝලීන් අතර ඉතා ජනප්‍රිය මල් වර්ගයකි.මලෙහි පවතින හැඩය, පෙනුම, වර්ණ වල පවතින විවිධත්වය නිසා මෙම මල් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත.


ඔකිඩ් ශාකයේ විවිධ ප්‍රභේද ඇති අතර මෙම ශාකය වර්ධනයට විවිධ දේශගුණික සාධක අත්‍යවශ්‍ය වේ.

  • උෂ්ණත්වය 

උෂ්ණත්වය 25c-30c අතර පැවතිය යුතු අතර රාත්‍රී කාලයේ දී එය 15c ට වඩා අඩු විය යුතුය.

  • සූර්යාලෝකය 

ඔකිඩ් ශාකය සඳහා සූර්යාලෝකයේ අත්‍යවශ්‍ය වන අතර සමහර ඔකිඩ් වර්ග අධික සෙවනේ වැඩෙනු ඇත.ශාකයේ ගණය අනුව ලබා දිය යුතු ආලෝක ප්‍රමාණය වෙනස් වේ.

  • ආර්ද්‍රතාවය    

ඔකිඩ් වගාව සඳහා පැවතිය යුතු ජලවාෂ්ප ප්‍රමාණය 70-75% අතර විය යුතුය. මෙම ශාක වැඩෙන ස්ථානය ද විවිධ වේ. ඔකිඩ් ශාක පස මත භෞමිකව ද ධාරක උපයෝගී කරගෙන ද ආරෝහක වල ඉහලට වැඩේ. එසේම සමහර වර්ග මෘතෝපජීවී ලෙස ද වැඩෙනු ඇත.ඕකිඩ් මල් වගාවේ විවිධ වර්ග දැකගත හැකි අතර දැනට හඳුනාගෙන ඇති ඔකිඩ් විශේෂ 19,000ක් පමණ ඇත. ඒ අතර ,

  • ඩෙන්ඩ්රෝබියම් 
  • වැන්ඩා
  • ඔන්සීඩියම්
  •  පැලනොප්සීස්

 වැනි ඕකිඩ් වර්ග විශේෂ වේ.

ඩෙන්ඩ්‍රොබියම් (Dendrobium)

      ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් වැදගත් වනුයේ ඩෙන්ඩ්‍රෝබියම් වේ . නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශවල බහුල ලෙස ව්‍යාප්ත වී පවතී. එසේම තායිලන්තය, සිංගප්පුරුව හා හවායි රටවලට මෙය නිෂ්පාදනය වේ.මෙම  මල් වර්ගය බහුපාදී වර්ධනයක් පෙන්නුම් කරන අපි ශාක වේ. දැකුම්කළු වර්ණවලින් යුක්ත වීමත් , මලෙහි පවතින දිගුකල් භාවයත් පහසුවෙන් ප්‍රවාහනය කිරීමට ඇති හැකියාවත් , වර්ධන වේගයත්, ඉක්මනින් පැළ විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාවත්, දිගුකල් පැවැත්ම නිසාත් මෙම මල් වඩාත් ප්‍රචලිත වී ඇත. dendrobium මලෙහි ස්වභාවය හා රෝපණ ක්‍රියාව පදනම් කරගෙන මෙය ප්‍රධාන ආකාර තුනකට වර්ග කරනු ලබයි . 

  1.    පැලනොප්සීස් දර්ශකය (Phalaenopsis Type)

මෙම මල් සලබයෙකුගෙ හැඩය පෙන්නුම් කරන අතර තනි ඒකාක්ෂයක මල් දහයක් පහළොවක් පමණ හටගනී. දම්, තද රතු, නිල් මිශ්‍රිත රතු හා සුදු ලෙස මල් විවිධ වර්ණයෙන් ඇත.කැපුම් මල් වගාව සඳහා සුදුසු වේ.

  2.        කේන් දර්ශකය (Cane Type)

මෙම මල්වල දල පත්‍ර හා මනිපත්‍ර ඇඹරී ඇති අතර ඒ නිසාම මෙය මකුළුවකුගේ ස්වරූපයක් ගනී .සුදු ,රෝස ,කහ ,දම්, තැඹිලි, දුඹුරු, රතු ලෙස වර්ණ පරාසයක පැතිරී ඇත. කැපුම් මල් වගාව සඳහා එතරම් සුදුසු නොවේ.

  3.    අතරමැදි දර්ශකය (Intermediate Type)

අතරමැදි දර්ශකය පැලනොප්සීස් හා කේන් අතර දෙමුහුමකින් ලබා ගන්නා වර්ගයක් වේ. මෙම මලෙහි අතරමැදි ලක්ෂණ පෙන්නුම් කරන අතර සෑම වර්ණයකම මල් දක්නට ලැබේ. මෙය කැපුම් මල් වගාව සඳහා වඩාත් උචිත වේ. 

වැන්ඩා ( Vanda)

වැන්ඩා අපි ශාකයක් වන අතර අඛණ්ඩ වර්ධන වේගයක් පෙන්නුම් කරන ඒකපාදී වර්ධන වේගයක් පෙන්නුම් කරන ශාක විශේෂයකි. පත්‍රවල හැඩය අනුව ප්‍රධාන ආකාර තුනකි.

  1.         පටි ආකාර පත්‍ර සහිත වැන්ඩා

විශාල අලංකාර මල් වන අතර මල්වල වල රටාවන් දැකිය හැකිය. මෙම වර්ගයෙහි මල් පත්‍ර පටි ස්වභාවයක් ගන්නා අතර වාර්ෂිකව හටගන්නා මල් ප්‍රමාණය අඩුය. 

2.        නාලාකාර වැන්ඩා

මෙහි පත්‍ර නාලාකාර වන අතර සූර්යාලෝකය මත වර්ධනය වේ.

3.        අර්ධ නාලාකාර වැන්ඩා

ඉහත ආකාර දෙකෙහි අතරමැදි ලක්ෂණ මෙම වර්ගයේ පෙන්නුම් කරයි.පිලි හැඩති නැමුණු පත්‍ර ඇති අතර සූර්යාලෝකය යටතේ එළි මහනේ වගා කළ හැකිය.එසේම මෙම වර්ගයේ මල්වල කල්පැවැත්ම වැඩිය.

ඔන්සිඩියම් (Oncidium)

මෙම ඕකිඩ් විශේෂය බහුපාදී වර්ධන විලාසයන් දරණ අතර හෞමික හා අපිශාක යන ආකාර දෙකම දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය නම් ඒවා නැට්ටුවෙකුගේ හැඩය ගැනීමයි. කැපුම්මල් සඳහා හා බඳුන්ගත පැල සඳහා යොදා ගනී.

පැලනොප්සිස්: (Phalaenopsis)

ඒකපාදි වර්ධන විලාසයෙන් යුත් අපි ශාකයෙකි. කෙටි කදක් හා මංසල පත‍්‍ර දක්නට ලැබේ. මල් සලඹයෙකුගේ හැඩය ගන්නා අතර කල් පැවැත්ම වැඩිය. බඳුන්ගත පැළෑටි සඳහා හා කැපුම් මල් සඳහා යොදා ගනී.

 

පැළ බදුන්ගත කිරීම

මේ සඳහා දැව අගුරු යොදා ගනී. අඟුරු නිෂ්පාදනයේ දී තරමක් මේරූ දැව වර්ග යොදා ගැනීම සුදුසු වේ. මෙයට අමතරව අඟුරු සමඟ උළු කැබලි හෝ හොදින් පොල් ලෙලි කැබලි 1 : 1 අනුපාතයට මිශ‍්‍ර කර භාවිතා කළ හැක.

උඩවැඩියා ශාක සඳහා සෙවණ දැලට අමතරව UV ප‍්‍රතිකාර කරන ලද පොලිතින් හෝ වීදුරු වහලක් යටතේ වගා කරන්නේ නම් පහත සඳහන් මාධ්‍ය භාවිතා කළ හැක

මාධ්‍ය 2 අඟුරු 1 චිප්ස් ගල් කැබලි 1 කොහුබත්1( 2.5mm) (සෙ.මි. 1 ගණකම) ඉහත මාධ්‍යයට, සෙමින් මාධ්‍යයට එකතු වන කැට පොහොරක් එකතු කළ හැක.බඳුන් ලෙසමැටි සිමෙන්ති බදුන් හෝ ප්ලාස්ටික් බදුන් භාවිතා කළ හැක. මෙම බදුන්වල පාර්ශ්වික වශයෙන් සිදුරු පවතින ආකාරයට සකස් කළ යුතු අතර ඒවා මඟින් ශාකවල මූල පද්ධතියට වාතාශ‍්‍රය ලැබීම සිදුවේ.

තාවාන් ආරම්භ කිරීත්‍ම් දී පැළ 25 ක් පමණ අඩංගු වන සාමුහික බදුන් යොදා ගැනීම ලාභදායකය. සාමුහික බදුනක ඇති පැල අඟල් 2 - 3 ක් අතර ප‍්‍රමාණයට වැඩුණු පසු බදුනෙන් පැළ ඉවත් කර අඟල් 2 විශ්කම්භයක් ඇති අඟල් 2 පමණ උස වූ බදුණක රෝපණය කළ යුතුය. එම බදුනේ පැළයක් අඟල් 6 ක් පමණ උසට වැඩුණු පසු අඟල් 5 ක් පමණ විශ්කම්භයක් ඇති අඟල් 5 ක් පමණ උස් වූ බදුනක එම පැළ රෝපණය කළ යුතුය. මල් එන අවස්ථාව දක්වාම අඟල් 5 බදුන තුළ පැළ වර්ධනය වීමට සැලැස්විය යුතුයි.

ජලය යෙදීම.

ඕකිඩ් වගාව සදහා වැසි ජලය ළිං ජලය හා වෙනත් වාරි මාර්ගයකින් ලබා ගන්නා පිරිසිදු ජලය භාවිතා කිරීම යෝග්‍ය වේ. ක්ලෝරින් සහිත ජලය භාවිතා කරන්නේ නම් පැ. 24 ක කාලයක් විවෘතව ටැංකියක රදවා තබා පසුව යෙදිය හැක.

උඩවැඩියා වගාව සඳහා ජලය සැපයීමේ දී බදුන් වියළි තත්ත්වයෙන් පවති නම් පමණක් ජලය සැපයිය යුතුය. වැසි සහිත කාලගුණික තත්ත්වයන් සඳහා උඩවැඩියා සඳහා ජලය අවශ්‍ය නොවේ. කාලගුණික තත්ත්වය යටතේ දිනකට එක් වරක් ද වියළි කාලගුණික තත්ත්වය යටතේ දිනකට දෙවරක් ද (උදේ නවස්) ජලය සැපයීම සුදුසුය. වියළි කාලගුණික තත්ත්වයන් සහිත දින තුළ එහි තෙත්ව තබා ගැනීමෙන් වායුගෝලීය ආර්ද්රතාවය වැඩි විය හැක.

පොහොර යෙදීම.

උඩවැඩියා ශාක සඳහා කාබනික සහ අකාබනික වශයෙන් පෙහොර වර්ග 2ක් භාවිතා කරනු ලැබේ.

මෙම ශාකවලට පොහොර යෙදීමේ දී දියරමය තත්ත්වයෙන් පමණක් පෝෂණය කළ යුතු අතර මල් පානය සඳහා දියර දියරයක් ඉසිය යුතුය. හොදින් හිරු එළිය පවතින දිනවලදී උදේ වරුවේ පමණක් හොර රහසේ සිදු කළ යුතුය. පොහොර භාවිතයේදී සතියකට එක් වරක් සියලුම වයස්වල පැල සඳහා භාවිතා කළ යුතුය.

කිඩ් වගාව සඳහා සුදුසු වැළදෙන රෝග

  • බැක්ටීරියා කුණුවීම 
  • පළිබෝධකයන්ගෙන් වන හානිය


1 comment:

නිවස හැඩකරන බෝගන්විලා ..

කඩදාසි මල් ලෙස හැදින්වෙන බෝගන්විලා ශාකය සොබාදහමේ අපූර්වතම චමත්කාරජනක නිර්මාණයකි.එක පොකුරට පිපෙන බෝගන්විලා හැඩයෙන් පැහැයෙන් මෙන්ම සුන්දරත්වයෙ...