Tuesday 30 May 2023

ලොව අරුම පුදුම මල්

 ස්වඩ්ල්ඩ් බේබීස් (Swaddled Babies )


මේ මල් වර්ගය ඕකිඩ් කුලයට අයත් ය. මේ මලෙහි විද්‍යාත්මක නම ඇන්ග්ලෝආ යුනිෆ්ලෝරා (Angloua Uniflora) වේ. මේ ශාකය වගා කරන්නේ කොළොම්බියාවේ ය. මේ මල් වර්ගය තරමක් විශාලත්වයෙන් යුක්ත ය. ක්‍රීම් පාට සහ සුදු පැහැය සම්මිශ්‍රණය වීමෙන් මේ මල් වර්ගය නිර්මිත වී ඇත. මේ මලෙහි ඇති වඩාත් අලංකාර බව ඔප්නැංවෙන්නේ, කුඩා ළදරුවකු රෙදි කැබැල්ලකින් ඔතා තිබෙන ස්වරූපයකින් එය නිර්මිත වී තිබෙන නිසා ය. ඕනෑම කෙනකුට මේ මල මඟින් අපූර්වත්වයක් පෙන්නුම් කෙරේ. ස්වභාවධර්මයේ ඉතාමත් අපූර්ව සහගත දායාදයක් ලෙස මේ මල් වර්ගය හැඳින්වීමට පුළුවන. ඔතා තිබෙන ස්වරූපයකින් එය නිර්මිත වී තිබෙන නිසා ය. ඕනෑම කෙනකුට මේ මල මඟින් අපූර්වත්වයක් පෙන්නුම් කෙරේ. ස්වභාවධර්මයේ ඉතාමත් අපූර්ව සහගත දායාදයක් ලෙස මේ මල් වර්ගය හැඳින්වීමට පුළුවන.

02. හුකර්ස් ලිප්ස් (Hooker’s Lips)

මේ මල් වර්ගයේ විද්‍යාත්මක නාමය වන්නේ සයිකොට්‍රියා එලටා ය. එහෙත් මේ මලෙහි බාහිර ස්වරූපය රතු පාටින් අලංකාර කරන ලද කාන්තාවකගේ තොල් පෙති යුගලට සමාන ය. මේ හේතුවෙන් මේ මල් වර්ගය හුකර්ස් ලිප්ස් ලෙස හඳුන්වයි. මේ මල් වර්ගය දක්නට ලැබෙන්නේ නැඟෙනහිර හා බටහිර අප්‍රිකානු වැසි වනාන්තර තුළදී ය. මෙහි ඇති ඉතා තද රතු වර්ණය, මේ මලට අමුතුම ආකාරයේ අලංකාරයක් එක්කරයි. විදේශීය මල් ලෝකයේ ඉදිරියෙන්ම සිටින මල් වර්ගයක් ලෙස මේ මල් හැඳින්විය හැකි ය.


03. මන්කි ඕකිඩ් (Monkey Orchid)

මේ මල් වර්ගයේ විද්‍යාත්මක නම වන්නේ ඩ්‍රැකියුලා සිමියා ය. මේ මලෙහි බාහිර ස්වරූපය වඳුරකු බඳු ය. මන්කි ඕකිඩ් මල් විශේෂය දක්නට ලැබෙන්නේ පේරු රාජ්‍යයේ නැඟෙනහිර සහ බටහිර වැසි වනාන්තර තුළ ය. සම්පූර්ණ අවයවවලින් සම්පූර්ණ වූ වඳුරකුගේ විලාසය මෙහි දක්නට ලැබීම , සොබාදම් මෑණිය විසින් කරන ලද වික්‍රමයක් ලෙස හැඳින්වීමට පුළුවන. තවත් සමහර පුද්ගලයන් මේ මලෙහි ස්වරූපය බැබුන් කෙනකුගේ බාහිර අංග ලක්ෂණවලට සමාන කරයි. මෙහි වර්ණය වන්නේ තැඹිලි පැහැයයි.


04. නේක්ඩ් මෑන් ඕකිඩ් (Naked Man Orchid)

මේ මල් වර්ගයේ විද්‍යාත්මක නම වන්නේ ඕචිස් ඉටැලිකා ය. මෙය ඉතාලියානු ඕකිඩ් විශේෂයට අයත්ය. මේ මල් වර්ගයේ බාහිර ස්වරූපය හිස වසාගත් මිනිසකු බඳු ය. වර්ණය වන්නේ තද දම් පාට සහ සුදු පැහැයයි. එම වර්ණ මනාව සම්මිශ්‍රණය වී මේ මල් වර්ගයට අමුතුම ආකාරයේ හැඩයක් එක්තැන් වී ඇත.


05. ඩව් ඕකිඩ්/ හෝලි ගෝස්ට් ඕකිඩ් (Dove Orchid/ Holy Ghost Orchid)

මේ මල් වර්ගය ඕකිඩ් කුලයට අයත් ය. විද්‍යාත්මක නාමය වන්නේ පෙරිස්ටීරියා ය. මේ මල් විශේෂය දකුණු අමෙරිකාවේ පැනමා ප්‍රදේශයේ වගා කරයි.‍ වර්ණය පැහැදිලි සුදු පැහැයයි. බාහිර ස්වරූපය කුරුල්ලකුගේ තටුවලට සමාන ය. පැහැදිලි සුදු පැහැයත් සමඟ දම් පැහැති කුඩා තිත් ස්වරූපයක් ඉන් දිස්වේ. මේ මල, නිදහස් බවේ ප්‍රතිමූර්තිය බඳු යැයි සමහරු හඳුන්වති. මලෙහි ඇතුළත කොටසෙහි පුංචි කුරුලු පැටවකුගේ දර්ශනය දැකගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.


06. ස්නැප්ඩ්‍රැගන් (Snapdragon and its Skull)

මේ මල් වර්ගයේ විද්‍යාත්මක නාමය වන්නේ ෂැප්ඩ්‍රැගෝ ය. මේවා වගා කරන්නේ යුරෝපය, අමෙරිකාව සහ උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ය. මේ මලෙහි බාහිර ස්වරූපය මුඛය හැරගෙන සහ වසාගෙන සිටින මකරකුගේ මුහුණ බඳු ය. පැරැණි සංස්කෘතියේ විසූ ජනයා මේ මල හැඳින්වූයේ ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙසයි. මේ මලෙහි වර්ණය වන්නේ රෝස පැහැයයි. මේ මල් වියළීමෙන් පසු සැබෑ මකරකුගේ මුහුණෙහි ස්වරූපය මනාව දිස්වේ.


07. ඩක් ඕකීඩ් (Duck Orchid)

මෙහි විද්‍යාත්මක නාමය වන්නේ සෙලෙන්නා ය. මේ මල් වර්ගය වගා කරන්නේ ක්වීන්ස්ලන්ඩ් (ඔස්ට්‍රේලියා), ටස්මේනියාව සහ දකුණු ඔස්ට්‍රේලියාව යන ප්‍රදේශවල ය. දුඹුරු පැහැයෙන් යුක්ත වන මේ මල් විශේෂයේ බාහිර ස්වරූපය තාරාවකු බඳු ය. තාරාවකුගේ හොට ඉතාමත් ම ස්වභාවික අන්දමින් මේ මලෙහි දැකුම්කළු ස්වරූපය දැක ගැනීමට පුළුවන. මේ මලට විශේෂිත වූ ඩක් ඕකිඩ් යන නම ලැබී ඇත්තේ ද එම නිසා ය.


08. බලෙරිනා ඕකිඩ් (Ballerina Orchid)


මෙහි විද්‍යාත්මක නාමය වන්නේ ද බලෙරිනා ඕකිඩ් ය. මේවා වගා කරන්නේ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ ය. ක්‍රීම් පැහැ‍යත් සමඟ සම්මිශ්‍රණය වූ මේරූන් පැහැති තිත් සලකුණුවලින් මේ මල අලංකාර වී ඇත. මේ මලෙහි ස්වරූපය බැලේ නර්තනයේ යෙදෙන කාන්තාවක බඳු ය. ස්වභාවධර්මයේ ඉතාමත් ම ආකර්ෂණීය දායාදයක් ලෙස බලෙරිනා ඕකිඩ් මල් හැඳින්විය හැකි ය.


09. පැරට් ෆ්ලවර් (Parrot Flower)

මෙහි විද්‍යාත්මක නාමය වන්නේ ඉම්පේටියන්ස් සිටාසිනා ය. බල්සම් කුලයට අයත් මල් විශේෂයක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන. මේ මල් වර්ගය මුලින්ම සොයා ගන්නා ලද්දේ 1901 වසරේදී බ්‍රිතාන්‍ය ජෛව විද්‍යාඥ , සර් ජෝසෆ් ඩාල්ටන් හුකර් විසිනි. පැරට් ෆ්ලවර් මල් විශේෂය වගා කරන්නේ ඉන්දියාව, තායිලන්තය සහ මියන්මාරය යන ප්‍රදේශවලයි. මේ මල් විශේෂයේ බාහිර ස්වරූපය ගිරවකු බඳු ය. මෙය ද ස්වභාවධර්මය විසින් කුරුල්ලකුගේ ස්වරූපය මැනවින් නිර්මාණය කර ඇති අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන. මේ මලෙහි අන්තර්ගත වර්ණ ලෙස දම් පැහැය, තද රතු පැහැය හඳුන්වා දිය හැකි ය.


10. බ්ලීඩින් හාර්ට් (Blecding Heart)

මෙහි විද්‍යාත්මක නාමය වන්නේ ලැම්ප්‍රොකැප්නොස් ය. පොපි මල් කුලයට මේ මල් විශේෂය අයිති වේ. හදවතක ස්වරූපය මින් මනාව පිළිබිඹු වේ. මේ මල් විශේෂය වගා කරන්නේ උතුරු ජපානය, කොරියාව සහ සයිබීරියාව යන ප්‍රදේශවල ය. මේ මල් වර්ගයේ අන්තර්ගත වර්ණ ලෙස පැහැදිලි සුදු පැහැය සහ දම් පැහැය හඳුන්වා දීමට පුළුවන. බ්ලීඩින් හාර්ට් මල් විශේෂය ස්වභාවධර්මය විසින් නිර්මාණය කරන ලද අපූර්වතම නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය.(අන්තර්ජාලය ඇසුරිනි)



2 comments:

නිවස හැඩකරන බෝගන්විලා ..

කඩදාසි මල් ලෙස හැදින්වෙන බෝගන්විලා ශාකය සොබාදහමේ අපූර්වතම චමත්කාරජනක නිර්මාණයකි.එක පොකුරට පිපෙන බෝගන්විලා හැඩයෙන් පැහැයෙන් මෙන්ම සුන්දරත්වයෙ...